Monday, March 10, 2025

General line - 0115112241

එස්. එම්ගේ සහාය රනිල්ට

එම්.එම්.පී.ජී.පෙරේරා



එළඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන තීරණය කර තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වන ලෙසට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් සම්මේලනයේදී අති බහුතරයකගේ එකඟත්වය පළවීම මත එම තීරණය ගත් බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේනගේ නිවසේ පිහිටි කාර්යාලයේදී පොදු ජන පෙරමුණේ දිස්ත්‍රික් සම්මේලනය පවත්වා තිබෙනවා.