Monday, March 10, 2025

General line - 0115112241

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 92ක් ජනපතිගේ සහයට



ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැපවන බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 92 දෙනෙකු තහවුරු කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී එම තහවුරුව සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.