Thursday, April 10, 2025

General line - 0115112241

හමාස් ප්‍රධානියාගේ ඝාතනයෙන් මැද පෙරදිග යුද උණුසුමක



හමාස් සංවිධානයේ ප්‍රධානියා ලෙස සැලකෙන ඉස්මයිල් හානියේ ඝාතනයත් සමග මැද පෙරදිග කලාපය යළි යුධ උණුසුමකට ඇදවැටෙනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයින් පවසනවා.

ඔවුන් පවසන්නේ ඉරානය මෙම අර්බුදයට මැදි වී සිටීම හේතුවෙන් තත්ත්වය තවත් තීව්‍ර වනු ඇති බවයි.  

හමාස් සංවිධානයේ ප්‍රධානියා ලෙස සැලකෙන ඉස්මයිල් හානියේ ඝාතනය කෙරුණේ ඉරානයේ ටෙහෙරාන් නුවරදීයි.

ඊට පැය කිහිපයකට පෙර හිස්බුල්ලා සංවිධානයේ ජ්‍යේෂ්ඨ අණ දෙන නිලධාරියා ලෙබනනයේ අගනුවර වන බේරුඩ්හි ඝාතනය කෙරුණා.

එය ඊශ්‍රායලය විසින් භාරගෙන ඇතත් ඉස්මයිල් හානියේ ඝාතනය සම්බන්ධයෙන් හමාස් සංවිධානය, ඊශ්‍රායලයට එල්ල කරන චෝදනා පිළිබඳ මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නැහැ. 

හමාස් ප්‍රධානියාගේ ඝාතනය සම්බන්ධයෙන් දැනටමත් එටවල් රැසක් සිය විරෝධය පළ කර තිබෙනවා.

ඒ අතරට පලස්තීනය, රුසියාව, තුර්කිය, ඉරානය, ඉරාකය, චීනය, ජෝර්දානය සහ ලෙබනනයද අයත්.

ඉරානය පවසා ඇත්තේ හමාස් සංවිධානයේ ප්‍රධානියා ලෙස සැලකෙන ඉස්මයිල් හානියේගේ රුධිරය කිසිදා අපතේ නොයනු ඇති බවයි.

ඊශ්‍රායල් - හමාස් සාම සාකච්ඡා අවදානමකට වැටී ඇතැයි පවසන කටාරය හානියේගේ ඝාතනය දරුණු අපරාධයක් ලෙස හඳුන්වා දී තිබෙනවා. 

අමෙරිකාව සාම සාකච්ඡා සඳහා බලධාරීන් පොළඹවා ඇති අතර මෙම සිද්ධියට තම රටේ සම්බන්ධයක් නොමැති බවයි පවසා ඇත්තේ.