Monday, March 10, 2025

General line - 0115112241

පරිසරය වෙනුවෙන් කතා කළ බැලුම්ගලට සම්මානයක්



ලෝක වනජීවී හා ස්වභාවික සම්පත් ආරක්ෂණ වෘත්තිකයන්ගේ ජාත්‍යන්තර දිනය අද ජූලි 31 කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වුණා.

එහිදී පාරිසරික හා පුරාවිද්‍යාත්මක උරුමයන් සංරක්ෂණය සහ තිරසර භාවිතය වෙනුවෙන් ජීවිත අවදානමෙන් ගවේෂණාත්මකව තොරතුරු අනාවරණය කිරීම වෙනුවෙන් ගුවන් විදුලි අංශය සඳහා පිරිනැමෙන විශේෂ සම්මානය නිත්‍ය fm බැලුම්ගල වැඩසටහනට හිමි වුණා.

ඒ වෙනුවෙන් නෙත් එෆ්එම්  බැලුම්ගල වැඩසටහනේ සුරේෂ් විජය රංගන සම්මානයට පාත්‍ර වුණා.

පරිසර සංරක්ෂණවේදීන් හා පරිසර ගවේෂණාත්මක ජනමාධ්‍යවේදීන්ට මෙහිදී සම්මාන පිරිනැමුණු අතර රාජකාරී කටයුතුවලදී ජීවිත අහිමි වූ පරිසර නිලධාරීන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කිරීමේ ආගමික වැඩසටහනක්ද පැවැත්වුණා.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමය මෙම ප්‍රනාම උළෙල සංවිධාන කරනු ලැබුවා