Thursday, April 10, 2025

General line - 0115112241

අගෝස්තුවේ ඉන්ධන මිල වෙනස් නොවේ



අගෝස්තු මාසයේ ඉන්ධන මිල ගණන් සංශෝධනය නොකිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව මේ වන විට පවතින මිල ගණන් නොවෙනස්ව පවතින බවයි ඔවුන් නිවේදනය කළේ.

සයිනොපැක් සමාගමද නිවේදනය කළේ ඉන්ධන මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොවන බවයි. 

ජූනි මාසයේ සිදු කළ ඉන්ධන මිල සංශෝධනයට අනුව මේ වන විට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 344කට අලෙවි කෙරෙනවා.

එම මිල සංශෝධනයෙහි අඩු වූයේ ඔක්ටේන් 92, ඔක්ටේන් 95 සහ සුපර් ඩීසල් මිල ගණන් පමණයි.

ඒ අනුව ඩීසල් ලීටරයක පැවති රුපියල් 317ක මිල සහ භූමිතෙල් ලීටරයක පැවති රුපියල් 202 යන මිල තවදුරටත් පවතිනු ඇති.

මේ අතර, අගෝස්තු මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහිද වෙනසක් සිදු නොවන බව එම සමාගම ඊයේ නිවේදනය කළා.