Thursday, April 10, 2025

General line - 0115112241

වැල්ලවාය, ගම්පංගුව රක්ෂිතයේ ගින්නක්

ජයන්ත වීරසේකර



වැල්ලවාය, ගම්පංගුව රක්ෂිතයේ ගින්නක් හට ගෙන තිබෙනවා.

ගින්න පැතිරයාම හේතුවෙන් රක්ෂිතයේ අක්කර පහළොවකට පමණ හානි සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

ගම්පංගුව කදු රක්ෂිතයේ ඊයේ සවස් කාලයේ මෙම ගින්න හටගෙන තිබෙන අතර අද උදෑසන වන තෙක් ගින්න රක්ෂිතයේ වේගයෙන් පැතිර ගොස් තිබෙනවා.

රක්ෂිතයේ තැනින් තැන තවමත් ගිනිගැනීම් දක්නට ලැබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ගින්නෙන් රක්ෂිතයේ තිබූ ඉපැරැණි ශාක සහ වනසතුන් රැසක්ම විනාශ වී ඇති බවද වාර්තා වනවා.

කිසියම් පුද්ගලයකු රක්ෂිතයට ගිනි තැබීමෙන් ගින්න පැතිර යන්නට ඇති බව වනසංරක්ෂණ නිලධාරීන් සැකපල කරන බව නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවා.