Monday, March 10, 2025

General line - 0115112241

වීසා නොමැතිව මෙරට රැඳී සිටි චීන ජාතිකයන් 06 දෙනෙකු අත්අඩංගුවට



ආගමන විගමන කොන්දේසි උල්ලංඝනය කරමින් වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයන් 06 දෙනෙකු පොලීසිය මගින් අතංඅඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පයාගල ප්‍රදේශයේදීයි.

අත්අඩංගුවට ගත් පිරිස චීන ජාතිකයන් වන අතර ඒ අතර කාන්තාවක්ද වන බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20, 22, 24, 27, 39 යන වයස්වල පසුවන අතර සැකකාරිය 48 හැවිරිදි තැනැත්තියක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.