Monday, March 10, 2025

General line - 0115112241

ඉන්දීය සබ්මැරීනයක් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක



ඉන්දීය නාවික හමුදාවට අයත් සබ්මැරීනයක් නිල සංචාරයක් සඳහා අද පෙරවරුවේ කොළඹ වරාය වෙත පැමිණියා.

නාවික හමුදාව පැවසුවේ එම සබ්මැරීනය නාවික හමුදා සම්ප්‍රදානුකුලව පිළිගත් බවයි.

“අයි එන් එස් ෂල්කි” නම් වූ මෙම සබ්මැරීනය දිගින් මීටර් 64.4ක් හා නැව් මුළුව 40ක ගෙන් සමන්විත වනවා.

එම සබ්මැරීනය දිවයිනේ රැඳී සිටින කාල සීමාව තුළ එහි මෙහෙයුම් ක්‍රියාකරීත්වය පිළිබඳව පැවැත්වෙන දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් සහභාගී වීමට නියමිතයි.

එමෙන්ම සබ්මැරීනයේ නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිත බවයි නාවික හමුදාව පැවසුවේ.

අයි එන් එස් ෂල්කි සබ්මැරීනය ලබන 04 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.