ජර්මනියේ විදේශ අමාත්‍යාංශය විසින් එරට චීන තානාපතිවරයා කැඳවා ඇති බව එම අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු මාධ්‍ය හමුවකදී අනාවරණ කළා.
ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ චීනය විසින් ජර්මානු රජයේ සිතියම්කරණ ඒජන්සියට 2021 වසරේදී එල්ල කළ සයිබර් ප්‍රහාරයක්.
"අපි ජර්මනියට එරෙහිව මෙහෙයවන එවැනි සයිබර් ක්‍රියාකාරකම්වලට දැඩි ලෙස විරුද්ධ වන අතර, සයිබර් අවකාශයේ වගකීම් සහ නීතිරීති පදනම් කරගත් හැසිරීම් වෙනුවෙන් පෙනී සිටිමු" යනුවෙන් ජර්මානු විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක සෙබස්තියන් ෆිෂර් මාධ්‍ය හමුවේ පවසා තිබුණා.
එමෙන්ම ඔහු පැවසුවේ චීන ඔත්තු බැලීම් සහ චීන සයිබර් ප්‍රහාරයන් මගින් එල්ල වන අනතුර අවතක්සේරු නොකළ යුතු බවයි.
එවර චීනයේ ඉලක්කය වූයේ වෙනත් දේ අතර සවිස්තරාත්මක චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණය කරන ෆ්‍රැන්ක්ෆර්ට්හි සිතියම් විද්‍යාව සහ භූ විද්‍යාව සඳහා වූ ෆෙඩරල් ඒජන්සියයි.
අමෙරිකාව, ඕස්ට්‍රේලියාව, කැනඩාව, නෙදර්ලන්තය සහ ඉන්දියාව ඇතුළු රටවල රජයේ සහ පුද්ගලික සමාගම් දත්ත වලට සයිබර් ප්‍රහාර දියත් කරන බවට මෑත වසරවල චීනයට චෝදනා රැසක්ම එල්ල වුණා.
2017 දී අමෙරිකානු ප්‍රවෘත්ති සඟරාවක් වන ෆොරීන් ප්‍රතිපත්ති සඟරාව විශේෂඥයින් උපුටා දක්වමින් අනාවරණ කළේ චීනයට දස දහස් ගණනක හැකර් හමුදාවක් සිටින බවයි.
1989 ටියනන්මෙන් චතුරශ්‍රයේ සිසුන් විසින් මෙහෙයවන ලද විරෝධතාවලට චීන රජය ප්‍රචණ්ඩත්වයෙන් ප්‍රතිචාර දැක්වීමෙන් පසු ජර්මනිය එරට චීන තානාපතිවරයා කැඳවන ලද පළමු අවස්ථාව මෙයයි