අමෙරිකානු නීති සම්පාදකයින් පිරිසක් ද්විපාර්ශ්වික ව්‍යවස්ථාදායක පනත් කෙටුම්පතක් යෝජනා කර ඇති අතර එමඟින් එක්සත් ජනපදයේ ලැයිස්තුගත සමාගම් මහජන චීන සමූහාණ්ඩුවේ ඔවුන්ගේ වත්කම් සහ ව්‍යාපාර හෙළිදරව් කිරීමට අවශ්‍ය වන බව වාර්තා වනවා.
එමගින් අමෙරිකාව අපේක්ෂා කරන්නේ චීනය තායිවානය ආක්‍රමණය කළහොත් ඔවුන්ට අත්විඳිය හැකි ආර්ථික අලාභය තක්සේරු කිරීමයි.
මහජන චීන සමූහාණ්ඩුවේ අවදානම් විනිවිදභාවය පිළිබඳ පනත, සම්මත කර ක්‍රියාත්මක කළහොත්, 1934 සුරැකුම්පත් හුවමාරු පනත සංශෝධනය කරනු ඇති අතර, එක්සත් ජනපදයේ ලැයිස්තුගත සමාගම්වලට චීනයේ මුළු ආදායම, ලාභ, ප්‍රාග්ධන ආයෝජන සහ සැපයුම් දාමයේ මැදිහත්වීමේ ප්‍රතිශතය වාර්ෂිකව හෙළිදරව් කිරීමට අවශ්‍ය වන අතර ආරක්ෂක විශ්ලේෂණ සිදු කිරීමට ද අවශ්‍ය වනු ඇතැයි පැවසෙනවා.
ප්‍රධාන භූමිය සමඟ යලි එක් කර ගැනීමට චීනය ප්‍රතිඥා දී ඇති ස්වයං-පාලන දිවයිනක් වන තායිවානය චීනය විසින් ආක්‍රමණය කළහොත්, චීනයේ වෙළඳපල ප්‍රවේශය හදිසියේ අහිමි වීම සඳහා සැලසුම් සකස් කිරීම මෙම පනතට අනුව අමෙරිකාවේ ලැයිස්තුගත සමාගම්වලට අවශ්‍ය වනු ඇති.
අමෙරිකානු නීති සම්පාදකයින් දෙදෙනෙකු විසින් මෙම පනත ජූලි 25 දින ඒකාබද්ධව ඉදිරිපත් කර තිබෙනවා.
පනත නීතියක් බවට පත්වීම සඳහා අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනෙට් සභාවේ අනුමැතිය සහ ජනාධිපතිවරයාගේ අත්සන අවශ්‍ය වනවා