Thursday, April 10, 2025

General line - 0115112241

අපවත් වූ ගංගාරාම පොඩි හාමුදුරුවන්ගේ ආදාහන පූජෝත්සවය ලබන සඳුදා

එන් ඒ ඩබ්ලිව් නිරෝෂන්



අපවත් වී වදාළ කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර පොඩි හාමුදුරුවන්ගේ ආදාහන පූජෝත්සවය ලබන සඳුදා රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු කෙරෙනවා.

උන්වහන්සේගේ දේහය හෙට උදෑසන 06 සිට හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ තැන්පත් කරන බවයි ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය, පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන් පැවසුවේ.

හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුව උන්වහන්සේ අද පෙරවරුවේ අපවත් වුණා.

කලක් රෝගාතුරව සිටි ගංගාරාම විහාරස්ථානයේ පොඩි හාමුදුරුවන් අපවත් වන විට 81 වන වියේ පසුවුණා.