යාපනය ඇතුළු උතුරු පළාතේ ජනතාව බොහෝ කලක සිට ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දුන්නද ප්‍රයෝජනයට ගත හැකි විශාල ආර්ථික විභවයක් එම පළාතේ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
එම අවස්ථාවන් උතුරු පළාත ඇතුළු සමස්ත රටේම ආර්ථික වර්ධනයට දායක කර ගැනීමට රජය සැලසුම් කර ඇති බවයි ජනාධිපතිවරයා පැවසුවේ.
යාපනය දිස්ත්‍රික්කයේ විද්වතුන්, වෘත්තියවේදීන් සහ ව්‍යවසායකයන් සමඟ යාපනය ප්‍රදේශයේ පැවති හමුවකදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.
මැතිවරණ වේදිකාවල විවිධ පොරොන්දු දෙමින් ඒවා ඉටු කිරීමට ණය ගැනීම මත මෙරට ආර්ථික මෙන්ම දේශපාලන ක්‍රමයද කඩා වැටුණු බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.
යළි එම වරද සිදුවීමට ඉඩ නොතබා නව ආර්ථික සහ දේශපාලන ක්‍රමවේදයක් ඔස්සේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට දායක වීම මෙරට උගතුන්, වෘත්තීයවේදීන්, ව්‍යවසායකයන් ඇතුළු සියලුදෙනාගේ වගකීම වනවා.
මෙරට ජනවාර්ගික ප්‍රශ්නය ද කඩිනමින් විසඳා ගත යුතු බවයි එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ.
බහුතරයක් වූ සිංහල හා බෞද්ධ ජනතාවට ප්‍රමුඛ ස්ථානයක් හිමි වුවද සැමට එක හා සමානව සැලකීම ඉතා වැදගත්.
ජනවාර්ගික සහ ආගමික කණ්ඩායම් අතර මෙන්ම කාන්තා සහ පුරුෂ දෙපාර්ශ්වය අතර සමානාත්මතාවය ඇතිකිරීම ද ඊට ඇතුළත්වන බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.
සිංහල භාෂාව මෙන්ම දෙමළ භාෂාව ද ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම එහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා නුදුරු අනාගතයේ තමිල්නාඩුවේ සිදුවීමට නියමිත ආර්ථිකය වර්ධනයත් සමඟ දෙමළ භාෂාව කතා කරන ශ්‍රී ලාංකිකයන්ට අන් අයට නොලැබෙන අවස්ථා උදාවනු ඇති බවද සිහිපත් කළා.