Thursday, April 10, 2025

General line - 0115112241

නුවරඑළිය දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ සහාය රනිල්ට - කඳුකර ජනතා පෙරමුණේ සහාය සජිත්ට

රංජිත් රාජපක්ෂ



නුවරඑළිය දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහාය ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හඟුරන්කෙත ආසන බල මණ්ඩල රැස්වීමේදී එකඟ වී තිබෙනවා.

නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායකගේ ප්‍රධානත්වයෙන් මෙම ආසන බල මණ්ඩලය රැස්වී තිබෙන අතර එම අවස්ථාවේදී පොදුජන පෙරමුණේ සියලු සාමාජිකයන් වර්තමාන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පල කිරීමට එකඟ වූ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී   එස් බී දිසානායක පැවසුවේ.


එමෙන්ම කඳුකර ජනතා පෙරමුණේ සහාය ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබාදීමට එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් තීරණය කළ බවයි කඳුකර ජනතා පෙරමුණේ නායක නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වී රාධාක්‍රිෂ්ණන් සඳහන් කළේ.