Tuesday, March 11, 2025

General line - 0115112241

කුවේට්හීදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් 24 දෙනා නිදහස් කෙරේ



කුවේට්හීදී පසුගිය දෙවනදා අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ගායික ගායිකාවන් ඇතුළු පිරිස එරට ආරක්ෂක අංශය විසින් නිදහස් කර තිබෙනවා.

කුවේට්හී පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත ඊයේ රාත්‍රියේදී අත්අඩංගුවට ගත් පිරිස මුදා හැර ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ.

“එතෙර අපි” සංවිධානය විසින් කුවේට්හීදී ප්‍රසංගයක් සංවිධානය කර තිබෙන අතර එම ප්‍රසංගය සඳහා නිසි අවසරයක් ගෙන නොමැති බව පවසමින් එරට ආරක්ෂක අංශය විසින් ලාංකික ගායික ගායිකාවන් ඇතුළු ප්‍රසංගය සංවිධානය කළ පුද්ගලයන් 24 දෙනෙකු පසුගිය 02 වනදා අත්අඩංගුවට ගත් බවයි කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.