Thursday, April 10, 2025

General line - 0115112241

පක්ෂ කිහිපයක නියෝජිතයින් පිරිසක් අද සිරිකොතට



මොණරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂවල නියෝජිතයන් පිරිසක් සහ ප්‍රදේශීය මන්ත්‍රීවරු පිරිසක් අද දින සිරිකොත පක්ෂ මූලස්ථානය වෙත පැමිණීමට නියමිතව තිබෙනවා.

එම පිරිස සිරිකොත පක්ෂ මූලස්ථානය පැමිණ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ගැනීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දීමට එක්වන බවයි  එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර නෙත් නිවුස් සිදුකල විමසීමකදී පැවසුවේ.

සෑම දිනකම දිස්ත්‍රික්ක මට්ටමින් මෙන්ම ප්‍රාදේශීය මට්ටමින් මන්ත්‍රීවරුන් සහ නියෝජිතයින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පල කිරීමට එක්වෙමින් සිටින බවද ඔහු කියා සිටියා.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළදී තවත් බොහෝ පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්වීමට නියමිත බවයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර වැඩිදුටත් පැවසුවේ.