Friday, April 11, 2025

General line - 0115112241

මාතර බන්ධනාගාරයෙන් තහනම් භාණ්ඩ රැසක් සොයා ගැනේ



මාතර බන්ධනාගාරයේ සිදුකල වැටලීමකදී තහනම් භාණ්ඩ සහ මත්ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා.

ඒ, බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරින් කණ්ඩායමක් එම බන්ධනාගාරයට ගොස් සිදුකල වැටලීමකදීයි.

එම බන්ධනාගාරයේ වාට්ටු තුනක තිබී ජංගම දුරකථන 19ක්, බැටරි 18ක්, සිම්පත් 09ක් සහ අයිස් මත්ද්‍රව්‍ය අඩංගු පැකට් 07ක් සොයාගත් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

එම තහනම් භාණ්ඩ බන්ධනාගාරය තුළට පැමිණියේ කෙසේද යන්න පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.