Tuesday, March 11, 2025

General line - 0115112241

ගංගාරාම පොඩි හාමුදුරුවන්ගෙන් රටට වූ සේවාව ගැන වජිර කතා කරයි

එන් ඒ ඩබ් නිරෝෂන්



අපවත්වී වදාළ කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ සිදුකෙරෙනවා.

ඒ, රාජ්‍ය අනුග්‍රහය සහිතව එම විහාරස්ථාන පරිශ්‍රයේදීයි.      

ඒ අනුව පස්වරු 04.30ට ආදාහන පූජෝත්සවයේ කටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී ආචාර්ය, පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන් පැවසුවේ.

මේ අතර ගංගාරාම පොඩි හාමුදුරුවන්ගෙන් ජාතියට වූ සේවාව කිසිදා අමතක කළ නොහැකි බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

අපවත්වී වදාළ පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර හිමියන්ට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.


එහිදී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ද මාධ්‍ය හමුවේ අදහස් දැක්වුවා.


මේ අතර පස්වරු 02 සිට පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අවසන් වන තෙක් එම විහාරස්ථානය ආශ්‍රිත විශේෂ රථවාහන ධාවන සැලැස්මක් ක්‍රියාත්මක බවයි පොලිසිය පැවසුවේ.