Tuesday, March 11, 2025

General line - 0115112241

ජනපති සටනට අනුර ඇප බඳී



2024 ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක වෙනුවෙන් අද ඇප මුදල් තැන්පත් කෙරුණා.

ඒ, ජාතික ජන බලවේගයේ විධායක සභික නීතීඥ සුනිල් වටගල ඇතුළු එම පක්ෂයේ නියෝජිතයින් පිරිසක් විසින්.

රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී ඇප මුදල් තැන්පත් කිරීමෙන් අනතුරුව නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ විධායක සභික නීතිඥ සුනිල් වටගල.


මේ අතර 2024 ජනාධිපතිවරණය සඳහා ඊයේ දිනය වන විට අපේක්ෂකයන් 17 දෙනෙකු ඇප තැන්පත් කර තිබූ බවයි මැතිවරණ කොමිසම නිවේදනය කළේ.