Friday, April 11, 2025

General line - 0115112241

වායු රයිෆලයකින් ජීවිත හානි සිදුකර ගත් පුද්ගලයෙකු පොළොන්නරුව ශික්ෂණ රෝහලට



වායු රයිෆලයකින් වෙඩිතබාගෙන  ජීවිත හානි සිදුකර ගැනීමට තැත් කළ පුද්ගලයෙකු පොළොන්නරුව ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබනවා.

මෙලෙස  ජීවිතය හානිකර ගැනීමට තැත් කර ඇත්තේ  පොළොන්නරුව උණගලා වෙහෙර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 47ක පිරිමි පුද්ගලයෙකි.

අද පෙරවරු කාලයේ  තම ජීවිතය නැතිකර ගැනීමේ අරමුණින් ඔහුගේ  ගෙළ ප්‍රදේශයට වෙඩි තබාගෙන තිබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.

රෝහල් ආරංචි මාර්ග පැවසුවේ  වායු රයිෆල් උණ්ඩයක් ඔහුගේ හිස්කබල තුළතිබෙන බවට හඳුනා ගැනීමට අවශ්‍ය පරීක්ෂණ සිදු කරමින් සිටින බවයි 

සිද්ධිය සම්බන්ධයෙන් හිඟුරක්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.