Wednesday, March 12, 2025

General line - 0115112241

වතු කම්කරු වැටුප් වැඩි කිරීමේ ගැසට් නිවේදනයට එරෙහිව ගොනුකල පෙත්සම් ඉල්ලා අස්කර ගැනේ

උදය කුමාර



වතු කම්කරු වැටුප් වැඩිකරමින් කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා වතු සමාගම් 21ක් විසින් ගොනුකර තිබූ රිට් පෙත්සමක් අද අභියාචනාධිකරණය හමුවේ ඉල්ලා අස්කර ගනු ලැබූවා.

ඒ, එම නඩුව අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධීකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

එම අවස්ථාවේදී පෙත්සම ඉදිරිපත් කළ ආගරපතන වැවිලි සමාගම ඇතුළු වැවිලි සමාගම් 21 ක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට වග උත්තරකාර පාර්ශවය විසින් විරෝධය පළ කළේ නැහැ.

ඒ අනුව අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අභියාචනාධිරණය විසින් අවසර ලබා දුන්නා.

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනය කම්කරු අමාත්‍යවරයා විසින් ඉවත් කර ගෙන තිබෙන බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මීට පෙර අධිකරණයට දැනුම් දී තිබුණා.