Wednesday, March 12, 2025

General line - 0115112241

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම එළඹෙන 09 වන සිකුරාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන්

එන් ඒ ඩබ් නිරෝෂන්



තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම එළඹෙන 09 වන සිකුරාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක පැවසුවේ මෙම දින කිහිපයේදී භාරදෙන තැපැල් ඡන්ද අයදුම් තැපෑලට භාර නොදී අදාල තේරීම් භාර නිලධාරින් වෙත අතින් ගෙන ගොස් භාරදීම වඩාත් යෝග්‍ය බවයි.

09 වනදායින් පසු තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ කාල සීමාව දීර්ඝ නොකරන බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.


මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීම සඳහා වන මධ්‍යස්ථාන දිස්ත්‍රික් මට්ටමින් මේ වනවිට පිහිටුවා ඇති බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.