Friday, April 11, 2025

General line - 0115112241

පන් කෝටි එකොළොස් ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් භාණ්ඩ ගබඩාවේදී අත්අඩංගුවට

ටී කේ ජී කපිල



රුපියල් පන් කෝටි එකොළොස් ලක්ෂ විසි දහසක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05යි ග්‍රෑම් 112ක් කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය, ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සහ ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් එක්ව සිදු කළ වැටලීමකදීයි.

මෙම මත්ද්‍රව්‍ය ඩුබායි සිට ගුවන් තැපැල් පාර්සල් සේවාව ඔස්සේ, පරිගණක උපාංග 63ක් සහිත පාර්සල් තුළ සඟවා කටුනායක ගුවන් තොටුපොළ පෞද්ගලික බන්ධිත ගුදමක් වෙත එවා තිබියදීයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය ඩුබායිහි වාසය කරන ‘ඩුබායි නිපුන’ නැමැති සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා විසින් එවා ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.