Wednesday, March 12, 2025

General line - 0115112241

ග්‍රාම නිලධාරීවරුන්ගෙන් කළු විරෝධතා සතියක්

එන් ඒ ඩබ්ලිව් නිරෝෂන්



සිය සේවා ව්‍යවස්ථාවේ ගැටලුව මුල් කර ගිනිමින් යළි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට ග්‍රාම නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලබන සඳුදා සිට සතියක් මෙම විරෝධතාව ක්‍රියාත්මක කිරීමටයි තීරණය කර ඇත්තේ.

ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති එකමුතුවේ සම සභාපති නන්දන රණසිංහ පැවසුවේ ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව අත්අනෝමතික ලෙස ගැසට් කර ඇති බවයි. 

ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු නෙවිල් විජේරත්න  පැවසුවේ ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ගැටලු රැසක් පවතින බවයි. 

සේවා ව්‍යවස්ථාව මුල් කර ගනිමින් ග්‍රාම නිලධාරීන් මීට පෙරද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වුණා.

ඔවුන් ඉකුත් ජූනි මස 27 සහ 28 යන දෙදින තුළද සියලු රාජකාරීවලින් ඉවත් වුණේ මෙම ගැටලුව මුල් කර ගනිමින්.