Friday, March 14, 2025

General line - 0115112241

පකිස්තානුවන්ට බුබායිවලින් රතු එළියක්

චිරාන් ධර්මසේන



පකිස්තානයේ සිටින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කොන්සල් ජනරාල් බකීත් අතීක් අල්-රෙමිති පකිස්තාන ජාතිකයින්ට අනතුරු ඇගවීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින පාකිස්තානුවන්ගෙන් ඉල්ලා ඇත්තේ තම රටට, එහි ආයතනවලට හෝ දේශපාලනඥයන්ට එරෙහිව නිෂේධාත්මක ප්‍රචාර පතුරුවා හැරීමෙන් වළකින ලෙසයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන හෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරය කරන පකිස්තාන ජාතිකයන් විසින් පාකිස්තානයට එරෙහිව සෘණාත්මක ප්‍රචාර ගෙන යන බව සමාජ මාධ්‍යවල දක්නට ලැබුණු බව ඔහු පවසා තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු අත්අඩංගුවට ගෙන වසර 14 සිට 15 දක්වා සිර දඬුවම් නියම කළ බවත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කොන්සල් ජනරාල්වරයා පැවසුවා.

පකිස්ථානු ජාතිකයින් පස් දෙනෙකුට වැඩි පිරිසකට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙකු පිටුවහල් කර ඇති බවයි පකිස්තානයේ සිටින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කොන්සල් ජනරාල් බකීත් අතීක් අල්-රෙමිති පැවසුවේ.

එවැනි පකිස්ථානුවන්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු ගල්ෆ් රටවලට වීසා ලබා නොදෙන අතර එහි යාමට නොහැකි වනු ඇතැයි ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කොන්සල් ජනරාල්වරයා අනතුරු අගවා තිබෙනවා. 

අනතුරු ඇගවීම් නොතකා පකිස්තානුවන් තවදුරටත් එවැනි ක්‍රියා සිදු කරයි නම් ඔවුන්ට එරෙහිව නීතියට අනුව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද පකිස්තානයේ සිටින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කොන්සල් ජනරාල් බකීත් අතීක් අල්-රෙමිති පවසා තිබෙනවා