Wednesday, March 12, 2025

General line - 0115112241

මෙරට දරුවන්ගේ නින්ද ගැන ප්‍රශ්ණයක් - සමීක්ෂණයකින් අනාවරණයක්

එන් ඒ ඩබ්ලිව් නිරෝෂන්



මෙරට දරුවන්ට සුවදායී නින්දක් නොලැබෙන බව පර්යේෂණවලින් අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ඉනෝකා වික්‍රමසිංහ පවසනවා.

ඇය කියා සිටියේ දරුවන් නිදා ගන්නා වේලාව සම්බන්ධයෙන් ද ගැටලු පවතින බවයි. 

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ සහ කොළඹ වෛද්‍ය පීඨයේ ළමා රෝග පිළිබඳ මහාචාර්ය පූජිත වික්‍රමසිංහ පැවසුවේ මෙරට වැඩිහිටියන්ගේ නින්ද සම්බන්ධයෙන්ද ගැටලු පවතින බවයි. 

වයස අවුරුදු 5 දක්වා දරුවන්ට පැය 24න් සියයට 50ක නින්දක්ද වැඩිහිටියෙක් නම් අවම වශයෙන් දිනකට පැය 7ක් වත් නිදා ගත යුතු බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.