Wednesday, April 16, 2025

General line - 0115112241

බංග්ලාදේශයේ ණය ගැන චීනය බියෙන්

චිරාන් ධර්මසේන



දේශපාලන අස්ථාවරත්වය සහ අධික ණය බර හමුවේ බංග්ලාදේශයේ අනාගතය පිලිබඳ අවිනිශ්චිතතාවයක් ඇතැයි ජාත්‍යන්තර විචාරකයින් පෙන්වා දෙනවා.

ඉහළ විරැකියාව සහ ණය පීඩනය මධ්‍යයේ රැකියා කෝටාවට එරෙහිව සති ගනනාවක් තිස්සේ පැවති මාරාන්තික රාජ්‍ය විරෝධී විරෝධතා වලින් පසු බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා සඳුදා රටින් පලා ගියා.

බංග්ලාදේශයේ තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් චීන විදේශ අමාත්‍යාංශය පැවසුවේ චීනය බංග්ලාදේශයේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බවයි.

“මිත්‍රශීලී අසල්වැසියෙකු සහ පුළුල් උපායමාර්ගික හවුල්කරුවෙකු ලෙස, බංග්ලාදේශය ඉක්මනින් සමාජ ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කරනු ඇතැයි චීනය අවංකවම බලාපොරොත්තු වේ,” යනුවෙන් චීනය නිකුත් කළ නිවේදනයේ සදහන්.

හසීනාගේ අවුල් සහගත පිටවීම සිදු වූයේ, බලාපොරොත්තු වූවාට වඩා දුර්වල වූ එක්සත් ජනපද රැකියා දත්ත ඇතුළු විවිධ සාධක මගින් අවුලුවාලන ලද භීතිකා විකිනීමකින් ගෝලීය වෙලඳපොලවල් වලට පහර වැදුණු මොහොතකය. මෙම අස්ථාවරත්වය සමහර අඩු ආදායම්ලාභී රටවල ණය දීමේ හැකියාව මත තවදුරටත් පීඩනයක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කරන අතර චීනය වැනි ඔවුන්ගේ ප්‍රධාන ණය හිමියන්ට එය අභියෝග එල්ල කරයි.

ජපානයට සහ රුසියාවට පසුව බංග්ලාදේශයේ තුන්වන විශාලතම ද්විපාර්ශ්වික ණය දෙන්නා වන්නේ චීනයයි.

2023 අවසානය වන විට බංග්ලාදේශය ඩොලර් බිලියන 5 කට වඩා වැඩි ණය මුදලක් චීනයෙන් ලබා ගෙන ඇති බව ඩකා පදනම් කරගත් ඩේලි ස්ටාර් පුවත්පත වාර්තා කළා.

ජූලි මාසයේදී ද හසීනාගේ චීන සංචාරයක් සිදු වුණා.

ඇය ජූනි මාසයේදී චීනයෙන් අතිරේක ඩොලර් බිලියන 5 ක ණයක් ඉල්ලා සිටි විටදීයි විරෝධතා ආරම්භ වුණේ