Wednesday, March 12, 2025

General line - 0115112241

සජබය අත්හැරියේ ඇයි? - මනූෂගෙන් අනාවරණයක්

එන් ඒ ඩබ්ලිව් නිරෝෂන්



අමාත්‍ය ධූරය දැරූ කාල සීමාවේදී රටේ දියුණුව වෙනුවෙන් විශාල වැඩ කොටසක් තමන්ද සිදු කළ බව හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා 


තමන් සහ හරීන් ප්‍රනාන්දු ජනාධිපතිවරයා සමග එක් වූයේ රටේ ජනතාව ගැන සිතා බවද හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින්  කියා සිටියේ.


අමාත්‍යවරුන් වන මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දුගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා.

සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා මනුෂ නානායකාර සහ හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරු ඉදිරිපත් කළ පෙත්සම් නිෂ්ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබාදුන්නා.