Wednesday, March 12, 2025

General line - 0115112241

කාන්තා අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් බවට පත්කළ යුතු බව සජිත් කියයි



කාන්තාවන්ට සිදු වන අකටයුතුකම් වැළැක්වීම සඳහා කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඒ වෙනුවෙන් කාන්තා අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් බවට පත් කළ යුතු බවයි විපක්ෂ නායකවරයා පැවසුවේ. 


කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් පැවති පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන් සඳහා වූ සංසදයේ සාකච්ඡාවකට  එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළා.