Thursday, March 13, 2025

General line - 0115112241

පොදුජන පෙරමුණේ දෙවන පෙළ දිස්ත්‍රික්ක සහ ආසන මට්ටමේ වැඩ අරඹයි



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව ගිය දිස්ත්‍රික් නායකයින් සහ ආසන සංවිධායකවරුන් වෙනුවට පොදුජන පෙරමුණේ දෙවන පෙළ කණ්ඩායම මේ වනවිට දිස්ත්‍රික් මට්ටමේ දේශපාලන කටයුතු ආරම්භ කර ඇති බව විදුලි බල සහ බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසනවා.

පක්ෂයෙන් ඉවත් වූ කණ්ඩායම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නම අවභාවිතා කරනවැ දැයි සැලකිල්ලෙන් සිටින ලෙසයි රාජ්‍ය අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ.


පොදුජන පෙරමුණ නියෝජනය කළ මන්ත්‍රීවරු වෙනත් දේශපාලන පක්ෂ සමඟ එක් වුවද ගම්බද ජනතාව තවමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව සිටින බවයි අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පැවසුවේ.