Thursday, March 13, 2025

General line - 0115112241

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප පිළිබඳ අවසන් තීරණය අද



වතු කම්කරුවන්ට ලබාදීමට නියමිත රුපියල් 1700ක දෛනික වැටුප සම්බන්ධයෙන් අද දිනයේදී පඩි පාලක සභාව විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අවසන් තීරණයක් ලබාදීමට නියමිතයි.

පඩි පාලක සභාව ලබාදෙන තීරණවලට වතු සමාගම් එකඟ නොවුනහොත් අවශ්‍ය පරිදි විශේෂ නීති රෙගුලාසි සකස් කර ඒවා ක්‍රියාත්මක කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.


වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළ දැමීම කඩාකප්පල් කිරීමට ඇතැම් දේශපාලඥයින් කටයුතු කළ බවයි හිටපු කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසුවේ.