පසුගිය කාලසීමාවේදී ඉහළ ගොස් තිබූ බිත්තර මිල ගණන් මේ වන විට සීග්‍ර ලෙස අඩු වෙමින් පවතිනවා.
ඒ, බිත්තර ආනයනය සඳහා කැබිනට් අනුමැතියද ලැබී ඇති පසුබිමකයි.
බිත්තර මිල අඩු වීමට හේතු වී ඇත්තේ බිත්තර ආනයනය සඳහා රජය ගනු ලැබූ තීරණයද නැතහොත් වෙනත් සාධකයක්ද යන්න සම්බන්ධයෙන් නෙත් නිවුස් කරුණු සොයා බැලුවා.
සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ආර් එම් සරත් රත්නායක පැවසුවේ නිෂ්පාදනය ඉහළ යාම හේතුවෙන් බිත්තර මිල ගණන් අඩු වී ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති.