Thursday, March 13, 2025

General line - 0115112241

අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍යවරයා ලෙස අලි සබ්රි දිවුරුම් දෙයි



අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍යවරයා ලෙස අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

ඒ, විදේශ කටයුතු අමාත්‍ය ධූරයට අමතරවයි. අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ විජේදාස රාජපක්ෂ පසුගියදා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වුණා.

ඒ, ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කිරීමටයි. 

අලි සබ්‍රි දැනට දරණු ලබන විදේශ කටයුතු අමාත්‍ය ධූරයට අමතරව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධූරයේ ද  කටයුතු කරනු ලබයි.