Thursday, March 13, 2025

General line - 0115112241

සිසුවියක් අපයෝජනය කළ පාසල් සිසුන් 17ක් අත්අඩංගුවට

ජයන්ත වීරසේකර



තණමල්විල ප්‍රදේශයේ පාසලක සිසුවියක් අපයෝජනය කළ පාසල් සිසුන් 17 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සිද්ධියට ආධාර අනුබල දුන් කාන්තාවක් ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන එම සිසුවිය අවස්ථා රැසකදී සමූහ වශයෙන් දූෂණය කර ඇති බවයි විමර්ශනවලදී අනාවරණවී ඇත්තේ.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකාර සිසුන්ගේ දෙමාපියන් ප්‍රදේශයේ යම් සමාජ බලයක් හිමි පිරිසක් වන බවත් එම නිසා මෙම සිද්ධිය යටපත් කිරීමට ඔවුන් ක්‍රියාකර ඇති බවත් නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.