Thursday, March 13, 2025

General line - 0115112241

වැඩ පෙන්වූ චමරිට ICC යෙන් තැනක්



ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ජූලි මාසයේ ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු තෝරාගෙන තිබෙනවා.

ඉන්දීය ක්‍රීඩිකාවන් වන ස්මිත්‍රී මන්දනා සහ ශෆාලි වර්මා අභිබවා යමින් ඇය ජූලි මාසයේ ක්‍රීඩිකාව බවට පත් වුණා.

චමරි මෙම සම්මානය දිනාගත් තුන්වන අවස්ථාව වනවා. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පසුගියදා පළමු වරට ආසියානු කුසලානය දිනාගනු ලැබුවා.

එහිදී චමරි කණ්ඩායම වෙනුවෙන් දැක්වූයේ විශාල දායකත්වයක්.