Friday, March 14, 2025

General line - 0115112241

වතු කම්කරුවන්ගේ ඉහළ දැමු දෛනික වැටුප පඩි පාලක සභාව සම්මත කරයි

එන් ඒ ඩබ් නිරෝෂන්



වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,700 ක් ඉහළ දැමීමට ගෙන තිබූ තීරණය පඩි පාලක සභාව අද සම්මත කළා.

ඒ අනුව අද සිට වතු කම්කරුවන්ට එම දෛනික වැටුප ගෙවීමට හාම්පුතුන්ද එකඟ වී ඇති බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේශ් පැවසුවේ.


වතුකරයේ ගැටළු රැසකට විසඳුම් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පැවති සාකච්ඡාවකදී එකඟ වූ බව මන්ත්‍රීවරයා කියා සිටියා.