Friday, March 14, 2025

General line - 0115112241

ජනාධිපති හමුවූ දෙමළ මන්ත්‍රීවරු අද සජිත් වත් හමුවෙයි

Colombo නිරෝෂන් .



ප්‍රධාන ජනාධිපති අපේක්ෂකවරුන් හමුවී තමන්ගේ ගැටලු ඉදිරිපත් කරන අතර වැඩිම ප්‍රතිචාර දක්වන අපේක්ෂකයාට සහාය ලබාදෙන බව ද්‍රවිඩ මන්ත්‍රීවරුන් පවසනවා..

ඔවුන් අද විපක්ෂ නායකවරයාගේ ඉල්ලීමකට අනුව විපක්ෂ නායක  කාර්යාලයේදී සජිත් ප්‍රේමදාස මහතා හමුවුණා..

එම හමුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ කුරුසාමි සුරේන්ද්‍රන් පවසා සිටියේ මෙවැන්නක් 

" ද්‍රවිඩ ජනතාවගේ ගැටවුල් ගොඩක් තියෙනවා ඒවට සේරම විසඳුම් ලැබිලා නෑ..

අපි ජනාධිපතිතුමත් හමුවුණා විපක්ෂ නායකවරයත් අපිට ආරාධනා කරා අපි සියලු අපේක්ෂකයින් හමුවෙනවා..

අපි දැනට අපේක්ෂකයෙකු ඉදිරිපත් කරලා තියෙනවා..

මේ අයගෙන් ලැබෙන ප්‍රතිචාර අපි පක්ෂයේ ප්‍රධානින් සමග සාකච්ඡා කරලා විසඳුමක් ගන්නවා..කාටද සහය දෙන්නේ කියලා අපිට එදාට තීරණය කරන්න පුළුවන්..

විසඳුමක් නැත්නම් අපේ අපේක්ෂකයාව ඉදිරිපත් කරනවා.."