Friday, April 18, 2025

General line - 0115112241

නාමල් ඇප තියයි



එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෙනුවෙන් අද ඇප තැන්පත් කෙරුණා.

ඒ, පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් විසින්. 


මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ද එක්ව සිටියා. 


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය නාමයෝජනා පත්‍රය සඳහා අද අත්සන් තැබුවා.

ඒ, ආගමික වතාවත් මධ්‍යයේයි.

මේ අතර සර්ව ජන බලයේ ජනාධිපති අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර ද බොරැල්ලේ පිහිටි පක්ෂ කාර්යාලයේදී අද සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තැබුවා.