Monday, April 14, 2025

General line - 0115112241

කෝටි තුනක අල්ලසක් ඉල්ලූ ජනපති අපේක්ෂකයෙකුගේ පක්ෂ ලේකම් ඇතුළු පිරිසක් අත්අඩංගුවට



මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායකට පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධුරය ලබාදීම සඳහා රුපියල් කෝටි 03ක අල්ලස් මුදලක් ලබා ගැනීමට උත්සාහ කළ බවට එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ලේකම් ඇතුළු නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින්. 

ජනක රත්නායක මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද එක්සත් ලංකා පොදුජන පක්ෂයෙන්.

ඔහුගේ පාර්ශවයෙන් සිදු කළ පැමිණිල්ලකට අනුව මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ජනක රත්නායක, මෙවර ජනාධිපතිවරණය සඳහා එක්සත් ලංකා පොදුජන පක්ෂයෙන් අද පෙරවරුවේ ඇප මුදල් ද තැන්පත් කළා.