Tuesday, April 15, 2025

General line - 0115112241

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වීම එක් දිනකට සීමා වෙයි



ලබන සතියේ පාර්ලිමේන්තුව 21 වන බදාදා දිනයේ පමණක් රැස් වීමට තීරණය කර තිබෙනවා.

ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදීයි.

ඒ අනුව, අගෝස්තු 21 වැනි බදාදා පෙරවරු 9.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙනවා.

අනතුරුව සුරාබදු ආඥා පනත යටතේ අංක 2366/39 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නිවේදනය සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ අංක 2387/38 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග විවාදයට ගැනීමටයි එහිදී තීරණය වී ඇත්තේ.