Sunday, April 13, 2025

General line - 0115112241

අනුර සමඟ එක්වන්න ආව දේශපාලකයින් ගැන අනාවරණයක්



ජාතික ජන බලවේගය සමඟ එක්වීමට ආණ්ඩුවේ සහ විපක්ෂයේ සිටින දේශපාලන පක්ෂ රැසක් සාකච්ඡා කළ බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු වැඩිදුරත් සඳහන් කළේ එම දේශපාලන කණ්ඩායම් තම පක්ෂය සමඟ එක්කර ගැනීමට සුදුසු කණ්ඩායම් නොවන බවයි.


ආර්ථිකය ගොඩ නැගීමට විදේශ රටවල ආධාර ලබා ගැනීමට තම පක්ෂයට හැකියාවක් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ජනතාවට සහන සැලසීමට ස්ථීර වශයෙන්ම නව ආර්ථික වැඩපිළිවෙලක් රටට අවශ්‍ය බවයි සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ.


ජනාධිපති අපේක්ෂකයා ලෙස තමන්ව නම් කරන ලද්දේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය බවයි එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසුවේ.