Tuesday, April 15, 2025

General line - 0115112241

රාජ්‍ය දේපළ විකිණීමකින් තොර රැකියා උත්පාදනයක් නිර්මාණය කරන බව නාමල් කියයි



රාජ්‍ය දේපළ විකිණීමකින් තොර රැකියා උත්පාදනයක් නිර්මාණය කරන නව ප්‍රතිපත්ති මාලාවක් ඉදිරියේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

තිස්සමහාරාම ප්‍රදේශයේදී ආගමික වතාවන්වලට එක්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.