Saturday, March 15, 2025

General line - 0115112241

නීති විරෝධී ලෙස මෙරටට ගෙන් වූ අමු ඉඟුරු තොගයක් සමඟ තලෙයිමන්නාරමේදී සැකකරුවෙකු අත්අඩංගුවට.



නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ආ අමු ඉඟුරු තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ උතුරු පළාත් විශේෂ වැටලීම් ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, තලෙයිමන්නාරම පොලිස් වසමේ පරිතිපනෙයි ප්‍රදේශයේදීයි.

සැකකරු විසින් ට්‍රැක්ටර් රථයකින් අමු ඉඟුරු කිලෝ 519යි ග්‍රෑම් 750ක් ප්‍රවාහනය කරමින් සිටියදී එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවා.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා තලෙයිමන්නාරම පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.