Sunday, April 13, 2025

General line - 0115112241

තැපැල් ඡන්දයට හත් ලක්ෂ දොලොස් දහසක්



මෙවර ජනාධිපතිවරණයේදී තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයින් හත් ලක්ෂ දොලොස් දහස් තුන්සිය විසි එක් දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ තැපැල් ඡන්ද අයදුම්පත් විසි හතර දහස් දෙසිය හැට අටක් ප්‍රතික්ෂේප වූ බවයි.


තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා සැප්තැම්බර් 04, 05, 06 සහ 11 සහ 12 යන දින වෙන්කර ඇති බවයි මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ.