Saturday, March 15, 2025

General line - 0115112241

තලතා සජිත් හැරයයි



සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළ මේ වන විට පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් තිබෙනවා.

ඇය පැවසුවේ තමන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වන බවයි.

මේ අතර, බන්දුල ලාල් බණ්ඩාරිගොඩ, 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්නා.

ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් පත්වූයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළ මනුෂ නානායක්කාරගෙන් හිස්වූ පාර්ලිමේන්තු අසුන වෙනුවෙන්.