Saturday, March 15, 2025

General line - 0115112241

තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා හැරීම සඳුදා සිට



තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු එළඹෙන 26 වනදා සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියේ එක් එක් ප්‍රදේශවල සිටින නියෝජ්‍ය තැපැල්පතිවරුන් සහ ප්‍රාදේශීය තැපැල් අධිකාරිවරුන් අදාළ දිස්ත්‍රික්කවල තේරීම් භාර නිලධාරියා සමඟ සාකච්ඡා කර තැපැල් ඡන්ද පත්‍රිකා භාර ගැනීම ලබන 26 වනදා සිදු කරන බවයි.