Sunday, March 16, 2025

General line - 0115112241

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම සැප්තැම්බර් 03 වනදා සිට



මෙවර ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු සැප්තැම්බර් 03 වනදා ආරම්භ කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පවසනවා.

ඔහු පැවසුවේ එම කටයුතු සඳහා විශේෂිත දිනය ලෙස සැප්තැම්බර් මස 08 වනදා නම් කර ඇති බවයි. 

රජයේ නිවාඩු දිනයක් වන සැප්තැම්බර් මස 08 වන ඉරිදා දිනයේ පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා එලෙස නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම සිදු කිරීමට නියමිත බවයි ඔහු කියා සිටියේ.

ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු සැප්තැම්බර් මස 14 වනදා අවසන් කරන ලෙසයි මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම් දී ඇත්තේ.

එම දිනයෙන් පසු නිල ඡන්ද දැන්වීම්පත් නොලැබුණු ඡන්ද හිමියන් ඡන්දහිමි නාම ලේඛනයේ ලියාපදිංචි ලිපිනයට අදාළ තැපැල් කාර්යාලය වෙත ගොස් ස්වකීය ඡන්ද දැන්වීම්පත ලබා ගත හැකි බවද මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළා.