Tuesday, April 15, 2025

General line - 0115112241

ඉන්දීය ආරක්ෂක ඇමති අමෙරිකාවට



ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං අමෙරිකාවට පැමිණ තිබෙනවා.

ඒ, දෙරට අතර අවසන් අදියරේ පවතින ගිවිසුම් කිහිපයකට අදාළවයි.

ඉන්දීය රාජ්‍ය අමාත්‍යවරයා ලබන 26 වනදා දක්වා අමෙරිකාවේ රැඳී සිටීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ඔහු සිය සංචාරයෙහි අමෙරිකානු ආරක්ෂක ලේකම් සහ අමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක හමුවී සාකච්ඡා සිදු කිරීමටද නියමිතව තිබෙනවා.

මෙම සංචාරයෙහි දෙරටේ ගෝලීය උපාය මාර්ගික හවුල්කාරීත්වය තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බවයි  ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ප්‍රකාශ කර ඇත්තේ.