Sunday, April 13, 2025

General line - 0115112241

බදු එකතු කරන ව්‍යාජ කණ්ඩායමක් ගැන අනාවරණයක්

නිහාල්සිරි ගම්ලත



බදු ගෙවීම් පිළිබඳව සොයා බැලීමට කිසිදු කණ්ඩායමක් මෙම දිනවල ආයතන වෙත යොමු නොකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

එලෙස පැමිණෙන  කණ්ඩායම්වලට මුදල් ලබා දීමෙන් වළකින ලෙසයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.

එලෙස ආයතන වෙත පැමිණි කිහිපදෙනෙකු සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන ඇති බවද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් පැවසුවා.

එම කණ්ඩායම කොළඹ, පානදුර, මීගමුව, වෙන්නප්පුව, මිනුවන්ගොඩ ආදී ප්‍රදේශවල ව්‍යාපාරික ස්ථාන වෙත ගොස් එලෙස මුදල් එක් රැස් කරන බවට දිගින් දිගටම පැමිණිලි ලැබෙන බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පැවසුවේ.