Tuesday, April 15, 2025

General line - 0115112241

එංගලන්ත පළමු ඉනිම ශ්‍රී ලංකාවට වඩා ලකුණු 101ක් ඉදිරියෙන්



එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන ඉනිම ක්‍රීඩා කරන සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුලු 02ක් බිඳ වැටී ලකුණු 26ක් රැස් කරගෙන සිටියා.

නිශාන් මධුෂ්ක සහ කුසල් මෙන්ඩිස් කිසිදු ලකුණක් නොලබා දැවී ගියා.

නොදැවී පන්දුවට පහර දෙන දිමුත් කරුණාරත්න ලකුණු 17ක් සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 09ක් රැස් කරගෙන සිටිනවා.

ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 236ක් රැස් කළා.

ඊට පිළිතුරු ලෙස එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 358ක්. ඒ අනුව එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට වඩා ලකුණු 96ක් ඉදිරියෙන් පසුවනවා.