Sunday, April 13, 2025

General line - 0115112241

රුසියාව එල්ල කළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් යුක්‍රේනය බිම හෙලයි



රුසියාව විසින් යුක්‍රේනයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.

එම ප්‍රහාර හමුවේ පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

යුක්‍රේනයේ ක්‍රිවි රිහ් නගරයේ ගොඩනැගිල්ලකට ද රුසියානු මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

එහි සිටි කාන්තාවක් මිය ගොස් තවත් පුද්ගලයින් 05 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

යුක්‍රේන ගුවන් හමුදා අණ දෙන නිලධාරි මයිකොලා ඔලෙෂ්චුක් පවසන්නේ රුසියාව විසින් මිසයිල 127ක් සහ ඩ්‍රෝන ප්‍රහාර 109ක් එල්ල කර ඇති බවයි.

කෙසේවෙතත් ඉන් මිසයිල 102ක් සහ ඩ්‍රෝන යානා 99ක් යුක්‍රේනය විසින් බිම හෙලූ බවද යුක්‍රේන ගුවන් හමුදා අණ දෙන නිලධාරියා පවසනවා.

යුක්‍රේන යුද්ධයේ මෙතෙක් සිදු වූ විශාලතම ගුවන් ප්‍රහාරයන්ගෙන් එකක් මෙය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.